සඳළුතලේ නිල්මිණි දල්වා හද කලඹා හිනා මල් පුබුදයි
ඔබ ඈතයි මා දිළිඳු නිසා
සිහිනෙන් එන්නම් මා යන්නට කැන්දා

අඳුරු වූ සිත මගේ නොනිදි රැයේ
එලිය ඔබෙන් පතයි නගේ
විඩා බරවූ අඩවන් දෙනෙතේ
ඔබ රුව මැවිනේ සිත් සහනේ

සඳළුතලේ නිල්මිණි දල්වා හද කලඹා හිනා මල් පුබුදයි
ඔබ ඈතයි මා දිළිඳු නිසා
සිහිනෙන් එන්නම් මා යන්නට කැන්දා

පුන්සඳ නැගුනේ මේ රැයේ ඔබ මා අසලයි මට දැනේ
ඔය නෙතු හා යාවෙන් පැයේ
අවදි නොවෙන්නේ පෙම් හීනේ

සඳළුතලේ නිල්මිණි දල්වා හද කලඹා හිනා මල් පුබුදයි
ඔබ ඈතයි මා දිළිඳු නිසා
සිහිනෙන් එන්නම් මා යන්නට කැන්දා