Latest Entries »

සඳළුතලේ නිල්මිණි දල්වා හද කලඹා හිනා මල් පුබුදයි
ඔබ ඈතයි මා දිළිඳු නිසා
සිහිනෙන් එන්නම් මා යන්නට කැන්දා

අඳුරු වූ සිත මගේ නොනිදි රැයේ
එලිය ඔබෙන් පතයි නගේ
විඩා බරවූ අඩවන් දෙනෙතේ
ඔබ රුව මැවිනේ සිත් සහනේ

සඳළුතලේ නිල්මිණි දල්වා හද කලඹා හිනා මල් පුබුදයි
ඔබ ඈතයි මා දිළිඳු නිසා
සිහිනෙන් එන්නම් මා යන්නට කැන්දා

පුන්සඳ නැගුනේ මේ රැයේ ඔබ මා අසලයි මට දැනේ
ඔය නෙතු හා යාවෙන් පැයේ
අවදි නොවෙන්නේ පෙම් හීනේ

සඳළුතලේ නිල්මිණි දල්වා හද කලඹා හිනා මල් පුබුදයි
ඔබ ඈතයි මා දිළිඳු නිසා
සිහිනෙන් එන්නම් මා යන්නට කැන්දා

රෝස මලකුයි, නෙළුම් මලකුයි ලස්සන වෙයි
හමන සුලඟයි, ගීත රාවෙයි ඔබගෙ වගෙයි
මගේ කිරිල්ලී ගියා ඉගිල්ලී, මං සෝකේ මයි…

ඉස්සර මම එනකොට ඔබ ඉඳන් මග බලා
ලස්සන ඔය ගැස්සෙන ඔබෙ අත්තටු සලලා
ආදරෙයි, ආදරෙයි කිය කිය ඉඳලා
මට නොකියම ඇයි ගියේ වනයට පියාඹලා

ලස්සනට පිපුණු වන මල් ගල් පීරන දිය වැල්
මම ආස කරන මැණික් කැටේ නිල්
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනව කල්
ලස්සන මගෙ කිරිල්ලි සුරතල්

සුපුන් චන්ද්‍රා දිලී අහසේ තරු නැග එද්දී
‍රැල්ල පෙරලි ඇවිල්ලා සුදු වැල්ල සිඹිද්දී
සවන් පිනන මධු ගී ගුවනට එක්වෙද්දී
ඔයා ඇයි තනියම කිරිල්ලීයේ කැලේකට වැදී

ලස්සනට පිපුණු වන මල් ගල් පීරන දිය වැල්
මම ආස කරන මැණික් කැටේ නිල්
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනව කල්
ලස්සන මගෙ කිරිල්ලි සුරතල්

ඉර බැස යන්නට මත්තෙන් කූඩුව සොයලා
පෙර ඔබ එන හැටි පේනවා තාම මැවීලා
එන්න එන්න කිරිල්ලියේ වහා පියඹලා
තාමත් මගේ කූඩුව ඔබ නිසාම ඇරිලා

ලස්සනට පිපුණු වන මල් ගල් පීරන දිය වැල්
මම ආස කරන මැණික් කැටේ නිල්
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනව කල්
ලස්සන මගෙ කිරිල්ලි සුරතල්

දෙයියෝ මැව්වේ තුන්දෙනෙක්ව බුරිය නැතුවලූ
ආදම් සහ ඒව සමග ඩගියා කොළුවලූ

බුරිය නැති නිසා බුරිලස් කියලා කිව්වලූ
එදා පටන් ඩග්ලස් නම නැතුව ගියාලූ

කරියෙන් හොඳ කරිය තමයි කුකුළාගේ කරිය
බුරියෙන් හොඳ බුරිය තමයි ඩගියගේ බුරිය

බුරිය තබාලා, පාංකඩ පොල්තෙල්, ඔබලා
ඩගියගේ බුරිය, ඩගියගේ බුරිය.

වෙසක් දාට පත්තු කරමු උඩට හරවලා

කොන්වන්ට් එකෙ උඩ තට්ටුවේ බුරිය තියාලා
දහස් ගණන් කෙල්ලෝ ඇවිත් බුරියට වැඳලා

නර්ස් නෝනා චීස් ගාලා කැපුවනේ බුරිය
මචං බුරියෙන් හොඳ බුරිය තමයි ඩගියගේ බුරිය

ඩගියගේ බුරිය, ඩගියගේ බුරිය.

ක්‍රිකට් ක්ලබ් එකේ ඩෝප්වෙලා කියාපු බයිලා
අවුට් වෙලා නෑ තාමත් අහන්න ඔහෙලා

ඩගියා කියලා මෙම්බර් කෙනෙක් හිට්යා ක්ලබ් එකේ
කඩියා වගේ වැඩකාරයා නම්බර් වන් එකේ

හදාගත්ත ගෙඩිය නිසා කැපුවලු බුරිය
අන්න එදා ඉඳලා හැදුන නමයි ඩගියගේ බුරිය

ඩගියගේ බුරිය, ඩගියගේ බුරිය.

සඳ තනිවෙලා අහසේ, හිරු තනිවෙලා
උතුරා ගැලූ ගඟුලක් අද වියැලිලා

පියමන් කලා දෙදෙනෙක් හෙවනක් බලා
පැතුමන් බිඳී නිවසක් ඇත සුන්වෙලා

සඳ තනිවෙලා අහසේ, හිරු තනිවෙලා
උතුරා ගැලූ ගඟුලක් අද වියැලිලා

උයනක් පිරී පිපිමල් අද පරවෙලා
විහඟුන් ගැයූ ගී වැල් අද නැතිවෙලා

සඳ තනිවෙලා අහසේ, හිරු තනිවෙලා
උතුරා ගැලූ ගඟුලක් අද වියැලිලා
View full article »

ඔබ දැන් කීවත් කඳුළු සලා මට ආදරෙයි කියා
හිත ගිය තැනකට තුරුළු වෙලා මැණිකේ නොවෙනු මුලා

ඉස්සර වාගේ අත්වැල් බැඳගෙන යන්නද කතා කලේ
දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට එකවර නොහැක ලොවේ

ඔබ දැන් කීවත් කඳුළු සලා මට ආදරෙයි කියා
හිත ගිය තැනකට තුරුළු වෙලා මැණිකේ නොවෙනු මුලා

ලස්සන මල් පෙති දෑතක පොඩිවුන සුළගේ විසිරෙනවා
මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන මගෙ හද නෙරපනවා

ඔබ දැන් කීවත් කඳුළු සලා මට ආදරෙයි කියා
හිත ගිය තැනකට තුරුළු වෙලා මැණිකේ නොවනු මුලා

කඳු පාමුල සිට දැහැනට සමවැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ

මිටියාවත් කඳු ශිඛර සිසාරා
සඳ බැස යන තුරු අවර වන පෙතේ
ඔබ කිව් රහසින් මා සැලුනේ නැත
ඔබ අන් සතු බව මා දැන සිටියෙමි

ඇල දොල ගංගා සයුර සිසාරා
ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල මෙන් මා සැලුනේ නැත
ඔබ අන් සතු බව මම දැන සිටියෙමි

සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ
අනඟ තරුණ බමරු අපි අමර වරම අපට හිමි
අපි මැරෙන්නේ නෑ, අපි මැරෙන්නේ නෑ
සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ
අනඟ තරුණ බමරු අපි අමර වරම අපට හිමි
අපි මැරෙන්නේ නෑ, අපි මැරෙන්නේ නෑ

කලක මෙහෙන් චුත වෙනවා එලොව ගිහින් වැජඹෙනවා
පෙලපත නම වෙනස් වෙලා ආයෙත් මෙලොවට එනවා
එහෙම වුනත් කිසිම දිනක අපි මැරෙන්නේ නෑ

සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ
අනඟ තරුණ බමරු අපි අමර වරම අපට හිමි
අපි මැරෙන්නේ නෑ, අපි මැරෙන්නේ නෑ
සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ
අනඟ තරුණ බමරු අපි අමර වරම අපට හිමි
අපි මැරෙන්නේ නෑ, අපි මැරෙන්නේ නෑ

හැරමිටියෙන් ඇවිදින්නෝ අපට එරෙහි වී එන්නෝ
සීමා මායිම් වැට කොටු මේ කිසිවක් අපට නැතේ
වැරදීමෙන් හුස්ම ගියත් අපි මැරෙන්නේ නෑ

සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ
අනඟ තරුණ බමරු අපි අමර වරම අපට හිමි
අපි මැරෙන්නේ නෑ, අපි මැරෙන්නේ නෑ
සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ
අනඟ තරුණ බමරු අපි අමර වරම අපට හිමි
අපි මැරෙන්නේ නෑ, අපි මැරෙන්නේ නෑ
View full article »

පැලේ වසන රන්මලී, මගේ සොඳුරු සිරිමලී
ඔබේ මිහිරී ගී ඇසී ඇසී, මම සොයා එමී රන්මලී

ඔබේ බිලිඳුකම යසයි සුදෝ සැබෑ සොඳුරු ගුණ නිසා
ඔබේ බිලිඳුකම යසයි සුදෝ සැබෑ සොඳුරු ගුණ නිසා
ඔබේ සිනහ අගෙයි මටා හෙලේ ඔටුන්නට වඩා
ඔබේ සිනහ අගෙයි මටා හෙලේ ඔටුන්නට වඩා

පැලේ වසන රන්මලී, මගේ සොඳුරු සිරිමලී
ඔබේ මිහිරී ගී ඇසී ඇසී, මම සොයා එමී රන්මලී

වෙලේ දිලෙන් රන් ගොයම් කරල් ඔබේ හඞට යයි නැමී
ගමේ පිපෙන් මල් සිනා සිසී ඔබේ දෙපා පොඩි සිඹී
View full article »

මලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම්
විලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සිහිල ගෙනෙන දිය දෝතක් බොන්නට තහනම්

පහන් තාරකාවක් සේ ජීවිතයේ මග කීවද ඒ එලියෙන් පහද පහන් දල්වනු කෙලෙසින්

මලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම්
විලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සිහිල ගෙනෙන දිය දෝතක් බොන්නට තහනම්

සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිව්වද ඒ ගීයේ සොඳුරු වදන් මුමුණනු කෙලෙසින්

මලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන එනමුදු සිප ගන්නට තහනම්
විලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සිහිල ගෙනෙන දිය දෝතක් බොන්නට තහනම්

පෙම් අප්සරාවෝ මල් සරා සිනාවේ ආදරේ සිතාරේ ගුම් නගාවි ජීවේ
පෙම් අප්සරාවෝ මල් සරා සිනාවේ ආදරේ සිතාරේ ගුම් නගාවි ජීවේ
පෙම් අප්සරාවෝ

රන් තරු නිදන් කෙරූ දෑසෙ මම්, කල් බලා නිසල් සුවේ වාස වෙම්
ර්තී රඟන නිතඹ සලන සොඳුරු පියඹ රන් කිරිල්ල

පෙම් අප්සරාවෝ මල් සරා සිනාවේ ආදරේ සිතාරේ ගුම් නගාවි ජීවේ
පෙම් අප්සරාවෝ මල් සරා සිනාවේ ආදරේ සිතාරේ ගුම් නගාවි ජීවේ
පෙම් අප්සරාවෝ

සත් සරේ හඞින් පිරී වදන් ඔබේ මත් කරේ සවන් මගේ රසින් මිදේ
මහද අරණ සුවඳ කරන් සුළඟ රැගෙන හනික එන්න

පෙම් අප්සරාවෝ මල් සරා සිනාවේ ආදරේ සිතාරේ ගුම් නගාවි ජීවේ
පෙම් අප්සරාවෝ මල් සරා සිනාවේ ආදරේ සිතාරේ ගුම් නගාවි ජීවේ
පෙම් අප්සරාවෝ