Tag Archive: ජීවිතය


සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ
අනඟ තරුණ බමරු අපි අමර වරම අපට හිමි
අපි මැරෙන්නේ නෑ, අපි මැරෙන්නේ නෑ
සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ
අනඟ තරුණ බමරු අපි අමර වරම අපට හිමි
අපි මැරෙන්නේ නෑ, අපි මැරෙන්නේ නෑ

කලක මෙහෙන් චුත වෙනවා එලොව ගිහින් වැජඹෙනවා
පෙලපත නම වෙනස් වෙලා ආයෙත් මෙලොවට එනවා
එහෙම වුනත් කිසිම දිනක අපි මැරෙන්නේ නෑ

සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ
අනඟ තරුණ බමරු අපි අමර වරම අපට හිමි
අපි මැරෙන්නේ නෑ, අපි මැරෙන්නේ නෑ
සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ
අනඟ තරුණ බමරු අපි අමර වරම අපට හිමි
අපි මැරෙන්නේ නෑ, අපි මැරෙන්නේ නෑ

හැරමිටියෙන් ඇවිදින්නෝ අපට එරෙහි වී එන්නෝ
සීමා මායිම් වැට කොටු මේ කිසිවක් අපට නැතේ
වැරදීමෙන් හුස්ම ගියත් අපි මැරෙන්නේ නෑ

සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ
අනඟ තරුණ බමරු අපි අමර වරම අපට හිමි
අපි මැරෙන්නේ නෑ, අපි මැරෙන්නේ නෑ
සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නේ නෑ
අනඟ තරුණ බමරු අපි අමර වරම අපට හිමි
අපි මැරෙන්නේ නෑ, අපි මැරෙන්නේ නෑ
Continue reading

සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියි

විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා ඇසක් ඉඟිමරා රැඟුම් පා මුවට යා කලා
විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා ඇසක් ඉඟිමරා රැඟුම් පා මුවට යා කලා
හැඟුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලා සිහින ලොවක පාවෙයි සඳුන් සිහින යාමේ

මා සනසා මා නලවා
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියි
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියි

රැයක් නිදිමරා සරාවිත් ලවන් වෙහෙසීලා යලිත් එනතුරා සුරන්ගී හිඳිමි මග බලා
රැයක් නිදිමරා සරාවිත් ලවන් වෙහෙසීලා යලිත් එනතුරා සුරන්ගී හිඳිමි මග බලා
හෙටත් සඳ උදාවේ ‍රැයක් පැමිණිලා සිහින ලොවක පාවේ සුරඳ මා සොයාවී

මා සනසා මා නලවා
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියි
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයැදියි
Continue reading

පණම් අටෙන් මට වැඩිකර දුන්න
හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මට හිමිතැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ

මට මතක් වෙනවා සුද්දා තැලූ පෙලූ හැටී
අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී
මාස්ටර් සර් මට හිමිතැන මට දෙන්න
අනේ සර් කරුණාවෙන් සලකන්න

අප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදාවේවිදෝ

අප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේ
නිම වෙන්නට කල් ගත වෙයිදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදාවේවිදෝ
Continue reading