Tag Archive: කැලිප්සෝ


පැලේ වසන රන්මලී, මගේ සොඳුරු සිරිමලී
ඔබේ මිහිරී ගී ඇසී ඇසී, මම සොයා එමී රන්මලී

ඔබේ බිලිඳුකම යසයි සුදෝ සැබෑ සොඳුරු ගුණ නිසා
ඔබේ බිලිඳුකම යසයි සුදෝ සැබෑ සොඳුරු ගුණ නිසා
ඔබේ සිනහ අගෙයි මටා හෙලේ ඔටුන්නට වඩා
ඔබේ සිනහ අගෙයි මටා හෙලේ ඔටුන්නට වඩා

පැලේ වසන රන්මලී, මගේ සොඳුරු සිරිමලී
ඔබේ මිහිරී ගී ඇසී ඇසී, මම සොයා එමී රන්මලී

වෙලේ දිලෙන් රන් ගොයම් කරල් ඔබේ හඞට යයි නැමී
ගමේ පිපෙන් මල් සිනා සිසී ඔබේ දෙපා පොඩි සිඹී
Continue reading

පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා
වරෙන් වරෙන් සුළන් පොදක් අපේ ඇඟේ ගෑවිලා
කාගෙත් කාගෙත් පින් පල දීලා
කාටත් කාටත් දෙයියෝ දීලා
පුංචි පහේ ඉල්ලම්කුත් පෑදිලා

අසව් අසව් කොයි කාටත් රස පණිවුඩයක් ගියා
රෑණ ගිරව් කුඹුරු උඩින් මල් මල් ගමනක් ගියා
මල් මල් ගමනක් ගියා, මල් මල් ගමනක් ගියා

පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා
වරෙන් වරෙන් සුළන් පොදක් අපේ ඇඟෙත් ගෑවිලා
දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා
අපටත් දවසක හඳ පායනවා
එදා අපිත් මල් පැණියෙන් නානවා

අපේ ගමේ මල් පිපිලා මී මැස්සන් බෝවෙලා
අපේ ගමේ මල් පිපිලා මී මැස්සන් එක්වෙලා
වරකා ගහේ මී බැඳලා පැණි වරකා මෝරලා
පැණි වරකා මෝරලා, පැණි වරකා මෝරලා
කාගෙත් කාගෙත් පින් පල දීලා
කාටත් කාටත් දෙයියෝ දීලා
පුංචි පහේ ඉල්ලම්කුත් පෑදිලා

කොහේ ගියත් වලාකුළක් නිල් අහසේ පාවෙලා
කොහේ ගියත් වලාකුළක් නිල් අහසේ පාවෙලා
හෙමින් හෙමින් ලැගුම් ගනී කඳු මුදුනක දැවටිලා
කඳු මුදුනක දැවටිලා, කඳු මුදුනක දැවටිලා
දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා
අපටත් දවසක හඳ පායනවා
එදා අපිත් මල් පැණියෙන් නානවා
Continue reading