Category: මිල්ටන් මල්ලවාරච්චි


ඔබ දැන් කීවත් කඳුළු සලා මට ආදරෙයි කියා
හිත ගිය තැනකට තුරුළු වෙලා මැණිකේ නොවෙනු මුලා

ඉස්සර වාගේ අත්වැල් බැඳගෙන යන්නද කතා කලේ
දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට එකවර නොහැක ලොවේ

ඔබ දැන් කීවත් කඳුළු සලා මට ආදරෙයි කියා
හිත ගිය තැනකට තුරුළු වෙලා මැණිකේ නොවෙනු මුලා

ලස්සන මල් පෙති දෑතක පොඩිවුන සුළගේ විසිරෙනවා
මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන මගෙ හද නෙරපනවා

ඔබ දැන් කීවත් කඳුළු සලා මට ආදරෙයි කියා
හිත ගිය තැනකට තුරුළු වෙලා මැණිකේ නොවනු මුලා

තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියූවත් නෑ සවන් යොමුකලේ
වේදනා පිරි ලොවක් ඔබයි බිහිකලේ

මගේ පාළු ලෝකයී තනිවූ මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතුවිලි මගේ හසුරා ගතහැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා

තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියූවත් නෑ සවන් යොමුකලේ
වේදනා පිරි ලොවක් ඔබයි බිහිකලේ

ඔබෙ චේතනා අගනා මා සිත දනී
අවට ලෝකයේ බැනුම් විසකටු වැනී
ඒ කටු අපගේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී

තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියූවත් නෑ සවන් යොමුකලේ
වේදනා පිරි ලොවක් ඔබයි බිහිකලේ
Continue reading

සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්
අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබෙ අත නොලැබේ නම්
සැමදා තනි වෙන්නම්

ආසිරි ගී මැද පෝරුව මත හිඳ
මහපටැඟිලි බැඳ අතපැන් වත්කර
ඔබ කැඳවා යන්නම්, නැතිනම් තනිවෙන්නම්

ජීවන ගමනේ බාධක දුක සැප
එකසේ පිළිගෙන හිනැහෙනු මැන ඔබ
තනියට ලඟ ඉන්නම්, නැතිනම් තනිවෙන්නම්

සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්
අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබෙ අත නොලැබේ නම්
සැමදා තනි වෙන්නම්
Continue reading