මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමුවේවි කියා
පෙරුම් පුරා මග බලා හිඳිමි මම
ඇයි තව නාවෙ දයා

උදේ රැයින් සිසිල අරන් මලින් මල්ට රොන් බඹරු ගියා
මගේ පැතුම් හදේ සිතුම් එදා සුසුම් වී සිඳිලා ගියා
හදෙහි දයාවිය නොලද ශ්‍රියාවිය
ආදර ලොව අප බිඳිලා ගියා

මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමුවේවි කියා
පෙරුම් පුරා මග බලා හිඳිමි මම
ඇයි තව නාවෙ දයා

ඔබේ සිනා නෙතින් ගෙනා මගේ හදේ තුරුලට ගනිමී
මගේ ලොවේ සැදූ සුවේ සසර වසන තුරු මම රකිමි
හදෙහි දයාවිය නොලද ශ්‍රියාවිය
ආදර ලොව අප බිඳිලා ගියා

මල් පිබිදෙන එක වසන්ත සමයක
ඔබ හමුවේවි කියා
පෙරුම් පුරා මග බලා හිඳිමි මම
ඇයි තව නාවෙ දයා